ඩී.එස්. සේනානායකයන්ගේ ජීවන චරිතය සිනමා පටයකට නැගෙයි…

ඩී.එස්. සේනානායකයන්ගේ ජීවන චරිතය සිනමා පටයකට නැගෙයි…

 

සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමට පෙරමුණ ගෙන ක්‍රියාකරනු ලැබූ ඩී.එස්.සේනානායක මහතාගේ ජීවන චරිතය ඇසුරින් නිර්මාණය කළ ‘නිදහසේ පියා – ඩී.එස්.’ චිත්‍රපටය ලබන 12 වැනිදා සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවල දී තිරගත වීමට නියමිතය.
සිංහල පිටපතේ මංගල දර්ශනය කොළඹදීත්, දමිළ පිටපතේ මංගල දර්ශනය යාපනයේදීත් එක ම දවසේ පැවැත්වීම මෙහි විශේෂත්වය වේ.
‘‘සෙප්ටෙම්බර් ස්ටූඩියෝස්’ ආයතනයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් වන මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සදහා විශාල මුදලක් වැයකර ඇති බවත් වාර්තා වෙයි.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර , ඩී.ආර්. විජේවර්ධන , ජේ.ආර්. ජයවර්ධන , ශ්‍රීමත් පොන්නම්බලන් රාමනාදන් , ඩඩ්ලි සේනානායක , ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක , රිචඩ් අළුවිහාරේ ආදී වැනි නිදහස් සටනේ සෙසු පුරෝගාමීන්ගේ චරිතයන් කීපයක් ද මෙහි පෙළගස්වා ඇත.
ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිදු දොඩම්තැන්න, සාරංග දිසාසේකර, බුද්ධදාස විතානාරච්චි, පූජිත ද මෙල්, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, රොෂාන් පිලපිටිය, ජී.ආර්. පෙරේරා, සෝමසිරි අලකොලංග, උදිත් අබේරත්න, කමල් දේශප්‍රිය, ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, අතුල ජයසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, නයනා හෙට්ටිආරච්චි, නිරෝෂා තලගල, අයෝධ්‍යා රත්නසිරි, ශ්‍රියාණි මහවත්ත, ඇතුළු නළු නිළියන් 100ට අධික පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනු ලබයි.

2018-10-08-ent-76

2018-10-08-ent-72

2018-10-08-ent-78

2018-10-08-ent-74

2018-10-08-ent-81

2018-10-08-ent-82