රාජ්‍ය සේවය සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගැනීමේ සූදානමක්..
රාජ්‍ය සේවය සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (05) පැවැත්විය.
ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ ඇමෙරිකාවේ විශේෂඥයකු වන සුමිත් ද සිල්වා මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ද සහභාගීත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විය.
