FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර දෙකක එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් ආහාර වර්ජනයක…

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 43 දෙනෙකු ඊයේ (03) පෙරවරුවේ සිට ආහාර වර්ජනයක නිරතවෙයි.
මේ අතර දින 22 ක් පුරා අනුරාධපුර බන්ධනාගාරයේ ද එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 12 දෙනෙකු ආහාර වර්ජනයේ නිරත වන බව වාර්තා වෙයි.
නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් මොවුන් මෙලෙස ආහාර වර්ජනයක නිරත වෙයි.
අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල , නීතිපති ජයන්ත ජයසූරිය සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජාවක නිරත වුවත් එය විසදුමකින් තොරව අවසන් වීම නිසා අනුරාධපුර බන්ධාගාරයේ සැකකරුවන් තවදුරටත් සිය වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබීය.