FAST NEWS

24×7 Around the Globe

පකිස්ථාන ආරක්ෂක ලේකම් ඉක්රාම් උල් හක් මහතා අද දිවයිනට..

පකිස්ථාන ආරක්ෂක ලේකම් ඉක්රාම් උල් හක් මහතා අද (02) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
දෙරට අතර පැවැත්වෙන සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයට එක්වීම සදහා මෙන්ම පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීම / කලාපීය සාමය ශක්තිමත් කර ගැනීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.
පකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ඇතුලු දූත පිරිස ලබන සිකුරාදා දක්වා දිවයිනේ රැදී සිටිනු ඇති.