FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ පළමු වරට රුපියල 167 සීමාව ඉක්මවයි..

ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසයේ ඇමරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම ගැණුම් මිල ලෙස රුපියල් 163.8714 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 167.4125 ක් ලෙසින් වාර්තාගත ලෙස අද (19) සටහන් විය.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 167 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.
මේ අනුව පසුගිය සිකුරාදා (14) දින සිට දිනපතාම රුපියල බැගින්, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.