හමුදා ප්‍රධානීන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට නොගත යුතුයි – ජනපති

හමුදා ප්‍රධානීන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට නොගත යුතුයි – ජනපති

 

ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13) දහවල් කැඳවා තිබු විශේෂ කැබිනට් රැස්වීමේදී අවධාරණය කර තිබේ.

හමුදා ප්‍රධානීන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට පත්වන අන්දමින් කටයුතු කිරීම ගැන සිය අප්‍රසාදය පළකර අැති ජනාධිපතිවරයා ,තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට එරෙහිව වහාම නඩු පැවරිය යුතු බවද එහිදී ප්‍රකාශ කර ඇත.

මෙහිදි ආරක්ෂක හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන  හිරිහැර කිරීමට එරෙහිව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයිද පැවැසේ.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද දැනගන්නට තිබේ.

තරුණයින් අතුරුදන් කිරීමේ චෝදනාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විජේගුණරත්න මහතාට එල්ලවී නැතිබවත්, ඔහුට ඇත්තේ සැකකරුවකුට රටින් පැනයාමට උදව් කළ බවට නැගෙන චෝදාවක් පමණක් බවත් ජනාධිපතිවරයාත් ඇමැතිවරුන් කිහිපදෙනකුත් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.