FAST NEWS

24×7 Around the Globe

ජනපති හේතු නොකියා හදිසි කැබිනට්ටුවක් කැඳවයි..

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්විමට නියමීතය.
ඒ අනුව සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට මෙම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ (12) පස්වරුවේ දුරකථන මාර්ගයෙන් දැනුම් දි තිබේ.
එහෙත් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න අමාත්‍යනරුන් දැනුවත් කර නොමැත.
සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) උදේ පැවැත්විණි