ගිනි කන්දක් සක්‍රිය වීමෙන් බාලි දුපතේ පිහිටි ගුවන් තොටුපල වසා දමයි…

ගිනි කන්දක් සක්‍රිය වීමෙන් බාලි දුපතේ පිහිටි ගුවන් තොටුපල වසා දමයි…

ඉන්දුනීසියාවේ පිහිටි Agung ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් ගුවන් ගමන් සිදුකිරීම අනතුරුදායක තත්ත්වයක් ඇති හෙයින් බාලි දුපතේ පිහිටි ගුවන් තොටුපල වසා දැමීමට එරට බලධාරීන් අද (29) තීරණය කරනු ලැබීය.
ඉන්දුනීසියානු මාධ්‍ය සදහන් කරන්නේ  Agung ගිනි කන්ද පිපිරීමත් සමග මීටර් 2,500 ක් ඉහල අහසට අළු සහ දුමාරය විසිරී ගොස් ඇති බවයි.
ඉන්දුනීසියාවේ සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනා සිටින බාලි දුපතට පැමිණ සිටින විදෙස් සංචාරකයින් 75,000 කට ආසන්න පිරිසක් යලි සිය රටවල් වලට යාමට නොහැකිව කොටුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බාලි දුපතේ ගුවන් තොටුපල වසා දැමීම හේතුවෙන් ගුවන් ගමන් 450 ක් පමණ මේ වන විට අවලංගු කර ඇත.
CATEGORIES