නාමල් උයන නිල වශයෙන් විවෘත කිරීම ලබන මාසයේදී…

නාමල් උයන නිල වශයෙන් විවෘත කිරීම ලබන මාසයේදී…

මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරනු ලැබූ ජාතික නාමල් උයන රෝස තිරුවානා කන්ද නිල වශයෙන් විවෘත කිරීම ලබන මස 26 වැනි දිනට සිදුකිරීමට නියමිතව ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදුකරනු ලබයි.
පුරා වසර 27ක පමණ කාලයක් මුළුල්ලේ මනුෂ්‍ය වාසයකින් තොරව එහෙත් ජාතික, ආගමික හා පාරිසරික වටිනාකමකින් සමන්විත මෙතෙක් වනවාසී රාහුල හිමියන් භාරයේ තිබූ ජාතික නාමල් උයන රෝස තිරුවානා කන්දේ පරිපාලන හා නඩත්තු කටයුතු පසුගියදා ගිවිසුමකින් මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දෙනු ලැබීය.
මේ සමගම නාමල් උයන රෝස තිරුවාන කන්ද සංස්කෘතික කලාපයක් ලෙස වර්ධනය කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව ජාතික නාමල් උයන කේන්ද්‍රකරගනිමින් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සංවර්ධනය කිරීමටද අපේක්ෂිතය.
CATEGORIES