FAST NEWS

24×7 Around the Globe

විමල් ප්‍රමුඛ ජනිපෙ ජනපති හමුවෙයි..

යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව කරුණු දැක්‌වීම සඳහා ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන මණ්‌ඩල සභිකයන් හෙට (11) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමීතව තිබේ.

මෙහිදී යෝජිත නව ව්‍යවස්‌ථාවේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු දැක්‌වීමට නියමිත බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම අවස්‌ථාව සඳහා විමල් වීරවංශ, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්‌ඩල සභිකයන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු සහභාගි වන බවද සඳහන්.

(DE සිල්වා)