FAST NEWS

24×7 Around the Globe

එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අද දිවයිනට..

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන විමර්ශනය කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී. ග්‍රෙයිබ් මහතා අද (10) දිවයිනට පැමිණීමට නියමිතය.

දින 13 ක්‌ මෙරට රැඳී සිටින එ මහතා යාපනය අර්ධද්වීපයටද ගොස්‌ නිරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමීත බව පැවසේ.

විශේෂයෙන් ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමට මුල්වී ඇති හේතූන් සහ අත්අඩංගුවේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් ගැනද ඔහු විසින් සොයා බැලීමට නියමිත අතර ඔහුගේ වාර්තාව 2018 මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(DE සිල්වා)