FAST NEWS

24×7 Around the Globe

චේ ගුවේරාගේ 50වන ගුණ සැමරේ..

කියුබානු විප්ලවයේ අසහාය නායක චේ ගුවේරාගේ 50වන අනුස්මරණය වෙනුවෙන් කියුබාව පුරා විවිධ උත්සව රැසක් සංවිධාන කර තිබූ බව වාර්තා වේ.

ඔහුගේ පනස් වන ගුණානුස්මරණය වෙනුවෙන් පැවති උත්සව සදහා දහස් ගණන් කියුබා වැසියන් එක්ව සිටි බවත් කියුබා ජනාධිපති රාහුල් කැස්ත්‍රෝ ද ඊට සහභාගී වී ඇති බවත් වාර්තා වේ.

චේ ගුවේරා හැදින්වෙන්නේ කියුබාවේ ඒකාධිපති පාලක ෆල්ජෙන්සියෝ බැටිස්ටා ධුරයෙන් පහ කරමින් කියුබාව ස්වාධීනත්වය කරා මෙහෙයවීමේ පුරෝගාමියෙකු ලෙසත් 20වන සියවසේ දී වඩා ජනතා ආකර්ෂණයක් ඇතිකරගත් දේශපාලන ප්‍රතිරූපය ලෙසත්ය.