FAST NEWS

24×7 Around the Globe

සෞදි කාන්තාවන්ට රියදුරු පාසලක්..!

සෞදි කාන්තාවන්ට ලබන වසරේ ජුනි මාසයේ සිට රියපැදවීම සඳහා අවසර ලබාදීමට සෞදි රජු නියෝග කිරීමත් සමගම සෞදි අරාබියේ පිහිටා ඇති ප්‍රින්සස් නූරා විශ්ව විද්‍යාලය මඟින් කාන්තානවන්ට රියදුරු පුහුණුව ලබාදීම සඳහා පාසලක් විවෘත කරන බව පසුගිය දා නිවේදනය කළ බව ගල්ෆ්නිවුස් වෙබ් අඩවිය වාර්තා කළේය.

අදාල බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් රියදුරු පාසල ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු ගල්ෆ්නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

අදාල රියදුරු පාසල සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙබ් අඩවියේ සඳහන් කර නොමැත.

(ගල්ෆ්නිවුස් පුවත් ඇසුරෙනි)