FAST NEWS

24×7 Around the Globe

බස් රථ ධාවන කාල සටහන් සංශෝධනය කෙරේ..

ජාතික මාර්ග ප්‍රතිපත්තියට අනුව බස් රථ ධාවන කාල සටහන් සංශෝධනයට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ එච්.එම් චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

මාර්ග සංවර්ධනයත් සමඟ බස් රථ ධාවන කාල සටහන් සංශෝධනය විය යුතු බවට මගීන්ගෙන් මේ දිනවල ලැබෙන ඉල්ලීම් අනුව එම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(DE සිල්වා)