ඊයේ(18) දිනයේ මිල්ලනිය, පාතකඩ ඉහල අහසේ බොහෝ වේලාවක් සැරි සැරූ හෙලිකොප්ටර් යානාවක් නිසා ප‍්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ඇති විය.
වෘත්තාකාර උපකරණයක්ද සහිතව පොලොවට ආසන්නයෙන් ගමන් කල මෙම හෙලිකොප්ටරයෙන් නිධන් වස්තු සොයන බවට ප‍්‍රදේශවාසීන් සැක පල කලහ.
කෙසේ වෙතත් මිල්ලනිය ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය සදහන් කරන්නේ මෙමගින් භූගත මිනිරන් සොයා බලන බවත් රජයේ නිසි අවසරය මත එය සිදු කරන බවත්ය.












