FAST NEWS

24×7 Around the Globe

2011 ලෝක කුසලාන පාවාදිමේ ඇත්ත නැත්ත ගැන මහේලගෙන් ප්‍රකාශයක්..

2011 ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉන්දිීය කණ්ඩායම සමග පැවති අවසන් තරගයේදී තරග පාවාදීමක් සිදු නොවූ බවත්, එම තරගාවලියේදී ශ්‍රී ලංකාව අවංකව ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන බී.බී.ඩී.ඕ. ලංකා ෆේස්බුක් පිටුව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

“නෑ, අපි අවංකවම එම තරගය ක්‍රීඩා කළා. අපි ඒ තරගය පරාජය වුණා. යමෙකුට ඒ ගැන සාක්ෂි තිබෙනවානම් ඒවා ඉදිරියට ආ යුතුයි. නමුත් ඔබට කතා මවන්න බෑ. ඔබට ශක්තිමත් සාක්ෂි තිබිය යුතුයි” යැයි මහේල පවසයි.

එසේම තරග පාවාදීම් සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා තරග තහනම් ලබාදිය යුතු බවද මහේල අවධාරණය කර තිබේ.

(DE සිල්වා)