FAST NEWS

24×7 Around the Globe

සබරගමු මහ ඇමති පුටුවට එජාප – ඒකාබද්ධ තරග වදින අපේක්‍ෂකවරුන් මෙන්න..

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී සබරගමුවේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස තරග වැදීම සදහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්‍ෂ රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසා ඇති බව වාර්තා වේ.

තමන් මේ සතිය තුලදී මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවත් ඔක්තොම්බර් මුල් සතියේ පළාත් සභා සදහා නාම යෝජනා කැදවනු නිසාවෙන් වේලාසන ඊට සූදානම් විය යුතු බැවින් තමන් මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා පවසා ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

එසේම සබරගමුවේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස තරග වැදීමට තමන් සුදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර ඇතැයිද පැවසේ.