FAST NEWS

24×7 Around the Globe

2017 ජපන් සිනමා උළෙල 22-24..

වසර 2017 ජපන් සිනමා උළෙල මෙවර 22-24 දිනයන්හිදී කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ.

මෙහි සමාරම්භක උළෙල මුදල් හා ජනමාධ්‍ය ඇමති – මංගල සමරවීර මහතා ගේ ප්‍රධානිත්වයෙන් සැප්තැම්බර් 22 දා ප.ව. 6.00ට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී ආරම්භ වේ.

සිනමා ප්‍රේක්ෂකයන් හට නොමිලේ නැරඹිය හැකි මෙම සිනමා උළෙල ජපන් තානාපති කාර්යාලය, ජපන් පදනම, ජාතික තරුණ සේවා සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව හා Ship for World Youth Alumni Association විසින් සංවිධානය කෙරේ.

චිත්‍රපට

සැප්තැම්බර් 22 :  ප.ව. 6.00 – Wood Job  (ආරාධිතයන් පමණයි)

සැප්තැම්බර් 23 :  ප.ව. 3.00 – Ecotherapy Gateway Holiday
ප.ව. 5.30 – Climbing to Spring

සැප්තැම්බර් 24 :  ප.ව. 3.00 – Wood Job
ප.ව. 5.30 – A Farewell to Jinu

(DE සිල්වා)