FAST NEWS

24×7 Around the Globe

දරුවන් දෙදෙනා ඝාතනය කල මවට දඩුවම්..! (ඡායාරූප)

සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ කාන්තාවකට අධිකරණයේදී අධි චෝදනා එල්ල කර දඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කැතරින් හොගල් නැමැති මෙම කාන්තාව සිය වයස අවුරුදු දෙකක පිරිමි දරුවා සහ අවුරුදු 03ක් වයසැති ගැහැණු දරුවා ඝාතනය කර ඇති අතර ඝාතනයන් සිදුකර දින 04ක් ගතවීමත් සමඟ ස්වාමි පුරුෂයා විසින් ඇයගේ සැක සහිත හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

2014 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ඝාතනයන් සිදුකර ඇති අතර ඒ වන විටත් සැකකාර කාන්තාව සුළු මානසික අබාධයකින් පෙලුනු බවට තොරතුරු වාර්තා වෙයි.