FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොළ ඉහළම අගයන් වාර්තා කිරීමට සමත් වෙයි..

සති තුනකින් ඉහළම අගයන් වාර්තා කිරීමට කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ(18) සමත් විය.

සමස්ත දර්ශකය දිනය අවසානයේ දී 6409ක් ලෙස සටහන් වූ අතර, කොටස් වෙළදපොළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 459.2ක් වේ.

තැරැව්කරුවන් ප්‍රකාශ කළේ ඊයේ දිනයේදී විවිධාංගීකෘත සහ විදුලි සංදේශ සමාගම්වල කොටස් මිල ඉහළ යාමක් දක්නට ලැබුණු බවයි.