FAST NEWS

24×7 Around the Globe

ටින් මාලු මිලදී ගන්නා ජනතාවට රතු එළියක්..

ටින් මාලු මිලදී ගැනිමේදී එහි ලේබලය සහ ටින් එකෙහි නිමාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කරයි.

තැළුණු සැමන් ටින්වලට නව ලේබල් අලවා අලෙවිකරන ජාවාරමක් හෙළි කරගැනීමට එම අධිකාරියේ නිලධාරීන් සමත් වී තිබෙන බවද හෙතෙම පවසයි.

මෙවැනි ආකාරයට සැමන් ටින් අලෙවි කරන්නන් පිළිබඳ හෝ සකස් කරන්නන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටියි.