FAST NEWS

24×7 Around the Globe

ජංගම දුරකථන හිමියන් ලවා බැංකු ගිණුමටම මුදල් ගෙන්වා ගන්නා අපූරු ජාවාරම මෙන්න…

 

ජංගම දුරකථන සමාගම් වලින් තරග ජයග්‍රහණ දිනා ඇති බව පවසමින් දුරකථන පාරිභෝගිකයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක්‌ මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

මේ පිළිබඳ දුරකථන සමාගම් මගින් තම දුරකථන පාරිභෝගිකයන්ව දැනුවත් කර ඇතත් සමහර‌ දෙනා මෙම වංචාවට හසු වී ඇතැයිද දැන ගන්නට තිබේ.

දැනටමත් එවැනි ඇමැතුම් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක්‌ ලැබී ඇතැයි ද පොලිසිය පවසන ලදි.

මෙම දුරකථන ඇමතුම් ලබා දෙන ඇතැම් අය රිමාන්ඩ් භාරයේ සිටින්නන් බවටද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර මේ අතර තමාට ත්‍යාග ජයග්‍රහණයක්‌ ලැබී ඇති බවට පවසමින් දුරකථන පාරිභෝගිකයකු හට 0715-121345 යන දුරකථන අංකයෙන් ලැබුණු ඇමැතුමක්‌ සම්බන්ධයෙන් එම පාරිභෝගිකයා පෙරේදා (26 වැනිදා) තලංගම පොලිසියට පැමිණිල්ලක්‌ කරනු ලැබීය.

ඒ අනුව තලංගම පොලිසිය ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.

එසේම ත්‍යාගයක්‌ හිමි බව පවසා ඔබට දුරකථන සමාගමකින් ඇමැතුමක්‌ ලබාදී එම මුදල දීමට රුපියල් 5000, 10,000 ක්‌ ඊසි කෑෂ් කරන ලෙසට දැන්වුවහොත් ඒ ගැන සැලකිලිමත් වී ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.