FAST NEWS

24×7 Around the Globe

2020දී එක්සත් ජාතික පක්ෂයෙන් තනි රජයක්…

එක්සත් ජාතික පක්ෂයත් 2020දී තනි රජයක් පිහිටුවීමේ ස්ථාවරයක සිටින බව පක්ෂයේ මන්ත්‍රී පිරිසක් කළ විමසීමකදී එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශය පිළිබඳව එජාප මන්ත්‍රී පිරිසක් කළ විමසීමකදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

සම්මුතිවාදී රජය 2020 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා ශ්‍රීලනිප රජයක් පිහිටුවීමේ අරමුණින් සිටිනවා සේම තමාද එජාප රජයක් පිහිටුවීමේ අරමුණින් සිටින බව අගමැතිවරයා සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව තීන්දුවක් ගනු ඇතැයිද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.