FAST NEWS

24×7 Around the Globe

අයවැය සකස් කිරීමේ කටයුතු වලට ජනපතිගෙන් ශ්‍රීලනිප කමීටුවක්..

ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය සකස් කිරීමේ කටයුතු වලට සම්බන්ධවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

එම කටයුතු සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා, අමාත්‍ය සරත් අමුණුගම මහතා ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගෙන් යුත් කමිටුවක්ද පත් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එම කමිටුව යෝජනා සකස් කර මුදල් අමාත්‍යංශය වෙත ලබාදීමට නියමිතය.