FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සේනාධිපතිට ඇප දීම ගැන අල්ලසින් ප්‍රතිශෝධන ඇයැදුමක්..

දක්ෂිණ මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම සම්බන්ධව කරන ලද විමර්ශනයේදී රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමූ බවට සහ එය ලබා ගත් බවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් දින රාත්‍රියේදීම ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට ඇප ලබා දුන් නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයැදුම්පතක් ගොනු කළ බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඊයේ (15දා) පැවැසුවාය.

අල්ලස් කොමිසම මඟින් ඉකුත් 6 වැනි දින සැකකාර නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු යන අයවලුන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් එදින සවස් වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නිල නිවෙස වෙත ඉදිරිපත් කර තිබිණි.

එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදාහැර තිබූ අතර එම අවස්ථාවේ වේලාව රාත්‍රි 7 පමණ වී තිබූ හෙයින් සැකකරුවන්ට ඇප තැන්පත් කිරීම ඊළඟ දින සිදු කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අවසර දී තිබිණි. එලෙස ඇප ලබා දුන් නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය වෙත අදාළ ප්‍රතිශෝධන අයැදුම්පත ඉදිරිපත් කර තිබේ.