FAST NEWS

24×7 Around the Globe

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ ඉහළට..

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 1.75කින් ඊයේ (15) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් වැඩි කර තිබේ.

ඒ අනුව ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් පනවා තිබූ ශත විසිපහේ බද්ද රුපියල් දෙකක් දක්වා වැඩි කර ඇත.

මේ අතර ආනයනික දුඹුරු සීනි(Raw Sugar) කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 15/- ක (පහළොවක) විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් ද පනවා තිබේ.

දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි වෙළඳපළට පැමිණෙන බැවින් දේශීය ගොවීන් ආරක්ෂා කරනු වස් දුඹුරු සීනි සඳහා මෙසේ රුපියල් 15/- විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

ආනයනික සීනි සඳහා වන බද්ද රුපියල් 1.75කින් වැඩි කළ ද සීනි අලෙවිය සඳහා නියම කර ඇති කිලෝග්‍රෑමයක් සඳහා වන රුපියල් 95/ (අනූපහේ) උපරිම සිල්ලර මිලේ කිසිඳු වෙනසක් සිදුනොවන බවද වාර්තා වේ.

ජීවන වියදම් සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටු නිර්දේශය මත පසුගිය දා සීනි ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ 16 කට උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී.