FAST NEWS

24×7 Around the Globe

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මතුව ඇති ගැටළුව වීමසීමට කමීටුවක්..

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මතුව ඇති ගැටළුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ (15) කමිටුවක් පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් බී. ජී. එස්. ගුණතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරීන් සහ විමර්ශන නිලධාරීන් ඇතුලත් වේ.

මේ වනවිට මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබාදී ඇත.