FAST NEWS

24×7 Around the Globe

උදය ගම්මන්පිල ඇප මත මුදා හැරේ.

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයත් කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා අද (1) නියෝග කළාය.

උදය ගම්මන්පිල රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරිනු ලැබීය.

සිඩ්නි ජයසිංහ රුපියල් 15000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූ අතර දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් කෙරුණී.