FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු අධිපති ධුරය මුදල් ඇමති එනතුරු හිස් ?

මහ බැංකුව සඳහා නව අධිපතිවරයෙකු පත් කිරීමේ කටයුත්ත ජපානයේ නිල සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු සිදුකිරීමට නියමිත බව රජයේ අභයන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

මුදල් මණ්ඩල පනතට අනූව මහබැංකු අධිපතිවරයෙකු පත්කිරීමේදී මුදල් ඇමතිවරයාගේ ද අදහස් සැලකිල්ලට ගත යුතු බැවින් මුදල් අමාත්‍යවරයා පැමිණෙන තුරු නව නිලධාරියකු එම තනතුරට පත් කිරීම පමා වී ඇති බව පැවසේ.

මහබැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය ඊයේ (30) අවසන් වීමත් සමග මේ දක්වා නව නිලධාරියෙකු එම තනතුරට පත් කර නොමැත.

මෙ අතර ප්‍රාග්ධන වෙළඳපොළ විශේෂඥයෙකු වන මහාචාර්ය ලලිත් සමරකෝන්, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ හා මහබැංකුවේ දැනට නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අයගෙන් කෙනෙකු එම තනතුරට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද එම දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කළේය.