FAST NEWS

24×7 Around the Globe

අවුන් සාන් සූකී ගේ රියැදුරුට මීයන්මාර ජනපති ධුරය.

මියන්මාරයේ ජනපති ලෙස අවුන් සාන් සූකී ගේ පක්ෂයෙන් ඉදිරිපත් වූ ඇගේ රියදුරු හිටින් කායෝ තේරී පත්ව ඇතැයි එරට පුවත් සේවා කියයි.
1962 න් පසු හමුදාවට සම්බන්ධ නොවූ සිවිල් වැසියකු ලෙස ජනපති පදවියට තේරී පත්වූ පළමු පුද්ගලයා ලෙස කායෝ හැඳින්විය හැකිය. හමුදා පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පිවිසෙන මියන්මාරයේ ජනපතිවරණය අද (15) පැවැත්විණි.
ඒ සඳහා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සූකීට තරග කිරීමට නොහැකිවූයේ හමුදා පාලනය පසුගිය කාලයේ සිදුකළ ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙනි. ඒ සැමියා විදේශිකයකු වීම හේතුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට කළ සංශෝධනයයි.
අවුන් සාන් සූකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය පසුගිය මහමැතිවරණයෙන්ද දැවැන්ත ජයක් ලැබීය.
කායෝ සුකීගේ සමීපතමයකු ලෙස දිගු කාලයක් කටයුතු කළ අතර ඔහුගේ පියා ජනප්‍රිය කතුවරයකු හා කවියකු වන මින් තූ වුන්ය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සූකී කළ කාර්ය භාරය අගයමින් 1991 වසරේදී ඇය නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවාය.
මියන්මාර පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් එරට ජනපති පත් කරගන්නා අතර ආසන 650ක නියෝජිතයන්ගෙන් 360ක ගේ මනාපය සූකීගේ පක්ෂයට හිමිවිය. තරගකරුවන් තිදෙනෙක් ජනපතිවරණයට ඉදිරිපත්ව සිටියහ.