ගෝල්ෆේස් විරෝධතා හේතුවෙන් සිදුවූ හානිය මෙන්න

ගෝල්ෆේස් විරෝධතා හේතුවෙන් සිදුවූ හානිය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාලුමුවදොර අවට පරිශ්‍රයේ පැවති මහජන විරෝධතා හේතුවෙන් ගාලුමුවදොර ප්‍රදේශයේ ඇවිදින මංතීරුවට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 65ක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වා දෙයි.

වරාය, ගුවන්සේවා සහ නාවික අමාත්‍ය නිමල් සිරිපාල මහතා පැවසුවේ මාස ගණනාවක් පුරා පැවති විරෝධතා හේතුවෙන් අවට බිත්ති කඩ සාප්පු බංකු වැනි ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි.

ඒ අනුව එම පරිශ්‍රයේ වෙළඳාමේ නිරතව සිටි බලයලත් වෙළෙඳුන් එහි වෙළෙඳ කටයුතු යළි ආරම්භ කිරීමට පෙර වරාය අධිකාරියට හානියට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර EconomyNext පවසන්නේ ගාලු මුවදොර ප්‍රදේශයේ කළමනාකරණය සහ නඩත්තුව වරාය අධිකාරියට පැවරෙන බවත් ගෝඨා ගෝ ගම්මාන පරිශ්‍රය නාගරික සංවර්ධන අධිකාරියට අයත් බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජිතයෙකු ඔවුන්ට පැවසූ බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය අගෝස්තු මස මුලදී ප්‍රකාශ කළේ ගල්මුවදොර ප්‍රදේශයේ පැවති විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් එම ප්‍රදේශයට සිදුවූ අලාභය සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ට මූල්‍යමය වශයෙන් වන්දි ලබාදිය යුතු බවයි.

පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම මාසය අවසානයේ අදාළ ප්‍රදේශයට සිදු වූ හානිය තක්සේරු කර රුපියල් ලක්ෂ 49ක අලාභයක් ලෙස ගණන් බලා ඇත.

ඒ අනුව එම ඉඩමෙන් අඩක් නැවත තණකොළ සිටුවීමට වැයවන මුදල රුපියල් ලක්ෂ 47ක් බවද ඇස්තමේන්තු කර තිබුණි.