(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(26) දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
මේ හේතුවෙන් අද දිනයේද ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සදහා පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
ඒ, අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අද දිනයේ වෙළද පොළට නිකුත් නොකරන්නේ අඛණ්ඩව තුන්වන දිනයටයි.








