FAST NEWS

24×7 Around the Globe

ජනපති යළි දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එතුමාගේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ .