ලිප්ටන් වටරවුමේ රථවාහන තදබදයක්

ලිප්ටන් වටරවුමේ රථවාහන තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විරෝධතා පා ගමනක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.    

සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් ඉල්ලීම් කිහිපපයක් මුල් කරගනිමින් විරෝධතාවය ආරම්භ කර තිබේ.

ආදේශක සේවකයින් වහාම ස්ථීර කිරීම, පුහුණුව නිම කළ උපස්ථායක පත්වීම් වහා ලබාදීම හා කොවිඩ් දීමනාව ලබාදීම ඇතුළු ඉල්ලීම් 13ක් සම්බන්ධයෙන් රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මඟින් විරෝධතාවයට සමගාමීව විරෝධතා පා ගමන ආරම්භ කර ඇත.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)