LPL වලට පැමිණි තිදෙනෙකුට කොරෝනා බව සඟවලා

LPL වලට පැමිණි තිදෙනෙකුට කොරෝනා බව සඟවලා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 වෛරසය වැළඳී සිටි තිදෙනෙකු කොළඹ පෞදගලික රෝහලක රහසේ ප්‍රතිකාර ලබාදෙමින් සිටි  අද(22) සොයා ගෙන තිබේ.

මීට දින දෙකකට පෙර කොවිඩ් ආසාදනය වූ ක්‍රීඩකයන් තිදෙනා පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩලය විසින් රෝහලේම රඳවා ගෙන සිට ඇතැයි හෙළි වී ඇත.

මෙම පිරිසට පාකිස්තාන් ක්‍රීඩකයෙකු, ඉන්දියන් ක්‍රීඩකයෙකු සහ ඉන්දියානු තාක්ෂණික නිලධාරියෙකු අයත් බව වාර්තා වේ.

රජය කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කර තිබියදී එය නොතකා කටයුතු කිරීම සම්බන්ධව කොවිඩ් මධ්‍යස්ථානයේ අවධානය යොමු වී ඇතැයි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු අනාවරණය කර තිබේ.

පසුගිය සතියේ දී LPL තරඟාවලියට පැමිණි ක්‍රීඩකයෙකුට කොවිඩ් වැළඳී හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරිණි.

මෙලෙස අද සොයා ගත් තිදෙනාද රෝහල් ගත කිරීමට උපදෙස් දී ඇත.

CATEGORIES

COMMENTS

Wordpress (0)