අරලියගහ මන්දිරය lock down කරලද?

අරලියගහ මන්දිරය lock down කරලද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ අරලියගහ මන්දිරය වසා දමා ඇති බවට අද පෙරවරුවේ පුවත්පත්වල සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණි.

නමුත් අග්‍රාමාත්‍ය කාර්යාලය අද පස්වරුවේ  නිවේදනය කළේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට ජාතික පුවත්පතක පළ වී ඇති පුවත අසත්‍යයක් බවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී නොමැති බව අදාළ නිවේදනයේ දැක්වේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)