බන්ධනාගාර කොරෝන පොකුර 650 ඉක්මවයි

බන්ධනාගාර කොරෝන පොකුර 650 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාවද 656 දක්වා ඉහළ ගොස් තිබේ.

එම පිරිස් අතර  නිලධාරීන් 43 දෙනෙකුද අයත්වන බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කළේය.

රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා බන්ධනාගාරවලට අනුයුක්ත කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඛ්‍යාවද හෙට (23) සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ බන්ධනාගාරවල පවත්නා තදබදය අවම කරගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි අතර විශේෂ සාකච්ඡාවක් හෙට (23) පැවැත්වීමට නියමිතය.

CATEGORIES

COMMENTS

Wordpress (0)