හෙට පාසල් ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරයෙන් ප්‍රකාශයක්

හෙට පාසල් ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරයෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට දිනයේ පාසල් ආරම්භ කිරීම ගැන අනියත බියක් ඇති කර නොගන්න ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසන්නේ පාසල් ආරම්භ කිරීමේදී සිදුවන්නේ, 23 වනදා එක්වරම පාසල් විවෘත වීමක් නොව කලක් තිස්සේ මනා අවබෝධයකින් යුක්තව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශ නිර්ණායක මත සිදුවන්නක් බවයි.

ඒ අනුව බොහෝ කාලයක් තිස්සේ ඒ සඳහා කටයුතු සූදානම් කෙරුණු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

පාසල් සඳහා සිසුන් එවීම සඳහා දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවද ඔහු එහිදී පැවසීය.

ඒ අනුව බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර 6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන් සඳහා හෙට සිට පාසල් ආරම්භ කෙරේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)