නුවන් සොයිසාට ක්‍රිකට් තහනමක්

නුවන් සොයිසාට ක්‍රිකට් තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ දූෂණ මර්දන කමිටුව මගින් වරදකරුවෙකු ලෙස නම් කරයි.

ඒ චෝදනා 03 ක් යටතේය.

ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම පියවර ගනු ලැබූ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සඳහන් කරයි.

තරඟ තීරණ අයථා ලෙස වෙනස් කිරීමට බලපෑම් සිදුකිරීම,ICC ආචාර ධර්ම ඍජුව හෝ වක්‍රාකාරයෙන් උල්ලංඝනය කිරීම හෝ දිරිගැන්වීම මෙන්ම දූෂණ ක්‍රියාමාර්ගවලට සම්බන්ධ ප්‍රවේශයන් පිළිබඳ කරුණු හෙළිදරව් නොකිරීම එලෙස නුවන් සොයිසා චෝදනා ලැබූ කරුණු වේ.

ඒ අනුව නුවන් සොයිසා ක්‍රිකට් තහනමකට ලක් කෙරේ.

ඔහුට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන සම්බාධක ඉදිරියේදී දැනුම් දෙන බවද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිවේදනය කරයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)