හමුදා කපිතාන්වරයෙකුටත් කොරෝනා

හමුදා කපිතාන්වරයෙකුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතාන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.   

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ මෙම යුද හමුදා කපිතාන්වරයා යුද හමුදා කඳවුරට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත් එහිදී මෙම යුද හමුදා කපිතාන්වරයාට වෛරසය ආසාදනය වෙන්නට ඇති බව අනාවරණය වී ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම යුද හමුදා කපිතාන්වරයා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුළත් කොට ඇත.

CATEGORIES