කොරෝනා ආසාදිතයින් ආශ්‍රය කල පොලිසියේ 17 ක් නිරෝධායනයට

කොරෝනා ආසාදිතයින් ආශ්‍රය කල පොලිසියේ 17 ක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිතයින් ආශ්‍රය කල පොලිස් නිලධාරීන් 17 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.  

ඒ අතර , මුල්ලේරියාව පොලිසියේ 11 දෙනෙකු , පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ 04 දෙනෙකු සහ පූගොඩ පොලිසියේ දෙදෙනෙකු ද වෙයි.

මීට අමතරව මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් 100 සිය නිරෝධායන කාලය අවසන් කර ඊයේ සිය නිවෙස් වෙත ගොස් ඇත.

අදාළ පොලිස් නිලධාරීන් නිරෝධායනය සදහා යොමු වී තිබුණේ හබරාදුව ,කලුතර සහ කුන්ඩසාලේ යන පොලිස් අභ්‍යාස විද්‍යාලවලයි.

තවත් දින 14 ක කාලයක් ඔවුන් සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනයේ සිටිය යුතු බැවින් එම කාලය අවසන් වන තුරු කිසිදු නිලධාරියෙකු සේවයේ යෙදවීමක් සිදු නොවන බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙකු ප්‍රකාශ කළේය.

CATEGORIES