මයික් පොම්පියෝගේ සංචාරයට පෙර ආරක්ෂක නිලධාරීන් පිරිසක් දිවයිනට

මයික් පොම්පියෝගේ සංචාරයට පෙර ආරක්ෂක නිලධාරීන් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරයේදී මානව හිමිකම් , ප්‍රතිසන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන කරුණු කෙරෙහි අවධානය යොමුකරන බව ඇමරිකාව පවසයි.  

සිය ශ්‍රී ලංකා සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අයව හමුවීමට ද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සූදානමින් සිටී.

මේ අතර, මයික් පොම්පියෝගේ සංචාරය පිළිබදව පෙර සොයා බැලීමක් සඳහා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් 16 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

පෙරේදා දිනයේ මොවුන් දිවයිනට පැමිණ ඇත්තේ කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන්.

මෙම සංචාරයේ දී ආගමික නිදහස, යුක්තිය සහ සමානාත්මතාවය වැනි කරුණු කෙරෙහිද ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා කිරීමට ඇමරිකාව සූදානමින් පසුවෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවණතා සහ චීන සබඳතා පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද අමෙරිකාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 28 වනදායි.

CATEGORIES