අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 15 දෙනෙකුට කොරෝනා.සෞඛ්‍ය අංශ වෙතින් දැනුම් දීමක්

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 15 දෙනෙකුට කොරෝනා.සෞඛ්‍ය අංශ වෙතින් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බලපිටිය, කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි. 

එම අවමංගල්‍ය උත්සවයට පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාද සහභාගී වී තිබුණි.

මෙම ආශ්‍රිතයාගේ ඉදිරි පෙළ පළමු පෙළ ආශ්‍රයෙන් 52ක් PCR පරීක්ෂණ සඳහා ලක් කළ බවත් ඉන් 34 දෙනකුගේ PCR පරීක්ෂණ වාර්තා ඊයේ (22) රාත්‍රියේ ලැබූණු බව ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කළේය.

එම පරීක්ෂණ වාර්තා වලට අනුව 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

තවත් 18 දෙනෙකුගේ පි.සි ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේය.

මෙකී තත්ත්වය යටතේ කටුවිල ග්‍රාම නිලධාරී වසම සඳහා දැඩි සංචරණ සිමා පනවා ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග ඒකකයේ වෛද්‍යවරයා සඳහන් කළේ.

ඉකුත් 16 වෙනිදා කොළඹ නැව් තටාංගන ආයතනයේ සේවය කළ මෙම සේවකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගනු ලැබීය.

ඉන් පසු මෙම ආශ්‍රිතයා ගේ පවුලේ අය ඇතුළු 09 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළේය.

එම පරීක්ෂණ වාර්තා අනුව එම සේවකයාගේ ගේ දෙමව්පියන්ට සහ බිරිඳ යන තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණි.

දැනට කටුවිල ග්‍රාම නිලධාරී වසමට අයත් නිවාස 90ක පූද්ගලයින් 250දෙනකු පමණ ස්වයං නිරෝධයට ලක් කොට තිබේ.

මෙම තත්ත්වය තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රජාව ගේ සහයෝගය අවශ්‍ය වන බව සෞඛ්‍ය අංශය පවසයි.

එම නිසා සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව කටයුතු කරන ලෙස කටුවිල ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද දිනයේදී මෙම ප්‍රදේශයේ පළමු පෙළ හා දෙවැනි පෙළ ආශ්‍රිතයින් ගේ PCR පරීක්ෂණ සිදුකරනු ලබයි.

මේ නිසා අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ යම් අයෙකුට උණ කැස්ස උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ තිබේ නම් නිවසේ සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසද ඉල්ලීමක් කරයි.

CATEGORIES