ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් – බයිඩ්න් අතර අවසන් විවාදය අද

ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් – බයිඩ්න් අතර අවසන් විවාදය අද

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපතිවරණයට තවත් සති දෙකක පමණ කාලයක් පමණක් තිබියදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් අතර අවසන් විවාදය මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් තුළ මෙම විවාදයේ කටයුතු සංවිධානය කර ඇත.

මේ අතර විවාදය පැවැත්වෙන අතරතුර ප්‍රතිවාදී අපේක්ෂකයාට බාධා කිරීම් සිදු කිරීමට නොහැකි වන ලෙස නව තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ද තීරණය කර ඇත.

මීට අමතරව , කොවිඩ් ආසාදිතයන් හමුවීම ඉහළ යාමත් සමග ප්‍රංශයේ රාත්‍රී ඇඳිරි නීතිය පණවන ප්‍රදේශ සංඛ්‍යාව ඉහළ දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව තවත් ප්‍රදේශ 38 කට සති 06 කට බලපැවැත්වෙන පරිදි රාත්‍රී 09 සිට උදෑසන 06 දක්වා ඇඳිරි නීතිය පැණවෙනු ඇති.

 

CATEGORIES