කොවිඩ් දෙවන් රැල්ල ගැන හමුදාපති කියූ දේ

කොවිඩ් දෙවන් රැල්ල ගැන හමුදාපති කියූ දේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය විදේශ රටක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ කන්දකාඩු කොවිඩ් සම්බන්ධතාවයේ අවසාන සොයා ගැනීම වූයේ අගෝස්තු මාසයේ බවයි.

ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් වසංගතය නොතිබූ බවත් කොළඹ ප්‍රදේශය වුවද සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා සොයා ගැනුණේ අප්‍රේල් මාසේ 30වැනි දා බවත් හමුදාපතිවරයා සඳහන් කළේය.

විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණි බවත් මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයින් බවට පත්ව තිබේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)