කොරෝනා ආසාදිත බවට සැක මාධ්‍යවේදියා මාධ්‍ය හමු රැසකට සහභාගී වී ඇති බවට තොරතුරු

කොරෝනා ආසාදිත බවට සැක මාධ්‍යවේදියා මාධ්‍ය හමු රැසකට සහභාගී වී ඇති බවට තොරතුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිත බවට සැක කරමින්, PCR පරීක්ෂණයක් සිදු කර ඇති රජයේ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියා එහි වාර්තාව ලැබීමට පෙර මාධ්‍යහමු කිහිපයකටම සහභාගී වී ඇති බව හෙළි වෙයි.

මේ අවස්ථාවේ රජයේ මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රුපවාහිනී සේවය ක්‍රියා කළ ඇති ආකාරය පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන්නයි එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්මක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, පසුගිය 12 වන දා අදාළ මාධ්‍යවේදියා සහ ඔහුගේ කාර්යාලයීය සමීපතමයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කර ඇති බවට එම පක්ෂයේ අවධානය යොමුවී ඇති බවයි.

එම PCR වාර්තා ලැබීමට පෙර අදාළ මාධ්‍යවේදියා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුව ඇතුළු මාධ්‍ය හමු කිහිපයක් ආවරණය සඳහා යොදවා ඇති බව අදාළ නිවේදනයේ දැක්වේ.

එසේ ම, එම පක්ෂය සඳහන් කරන්නේ රට, කොරෝනා දෙවන රැල්ලකට මුහුණු පා සිටින අවස්ථාවක පී.සී.ආර්. වාර්තා ලැබීමට තිබියදී රාජ්‍ය සේවකයෙකු එලෙස මහජනතාව හා ගැටීමට සලස්වමින් රාජකාරී සඳහා යෙදවීම රාජ්‍ය බලධාරීන් සිදු කළ වගකීම් විරහිත ක්‍රියාවක් බවයි.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.

CATEGORIES

COMMENTS

Wordpress (0)