FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු වරම් ලැබූ සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කර ගැනීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව එම ලියාපදිංචි කිරීම් ආරම්භ කෙරෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවෙල පැවසුවේය.

නම ක්‍රමවේදය හරහා කිසිදු සභිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව සිය ලියාපදිංචි වීම සිදු කරගත හැකි බව ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේ ලබන 20 වැනිදාට පෙර එම කටයුතු අවසන් කිරීමට නියමිත බවයි.

එහිදී තේරී පත්වූ සභිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, ඡායාරූප , ආගම ඇතුළු තොරතුරු රැස්කිරීමට පියවර ගනු ඇති අතර WWW.PARLIMENT.LK වෙබ් අඩවියෙන් නව ලියාපදිංචිවීම සිදු කළ හැක.

එම මාර්ගගත ක්‍රමය ජාතික ලැයිස්තුව ගැසට් කිරීමෙන් පසු විවෘත කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.