FAST NEWS

24×7 Around the Globe

විදේශයන්හි සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.

ජපානයේ නරීටා සිට ලාංකිකයින් 148 දෙනෙකු දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කලමණාකාරවරයා සඳහන් කළේය.

28 දෙනෙකු කටාර්හි දෝහා සිට පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇත.