FAST NEWS

24×7 Around the Globe

වජිර අබේවර්ධන එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කිරීමට යෝජනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා සහ එහි ජාතික ලැයිස්තු නියෝජිතයා ලෙස පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.   

එක්සත් භික්ෂු පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් සභාපති පුජ්‍ය උඩුගම සාරානන්ද හිමියන් විසින් ඊයේ (09) දිනයේදී දිස්ති‍්‍රක් බල මණ්ඩලයට  එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

වජිර අබේවර්ධන විසින් මෙලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉහළ ප්‍රතිශතයක් ලබා ගෙන ඇත්තේ එජාපය තුල ඔහුට කිසිඳු තනතුරක් නොමැතිවය.