FAST NEWS

24×7 Around the Globe

දින හතරක් තුළ කොරෝනා රෝගීන් මිලියන 1.8 ක වැඩිවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද(10) දිනය වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන  20,023,019 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ ගණන 733,976 කි.

සුවය ලැබු ගෝලීය ආසාදිතයින් ගණන 12,897,815  ක් ලෙස වාර්තා වේ.

ගතවූ දින හතර තුළ ලොව පුරා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 1.8 කින් වැඩි වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

වසංගතය ආරම්භයේ සිට සතියක් ඇතුළත වාර්තා වූ වැඩිම ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව එය බවද විදෙස් වාර්තා වල දැක්වේ.

ගෙවී ගිය දිනයේ දී ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ ඉන්දියාවෙනි. එය 1,013 ක් බව ඉන්දීය පුවත් සේවා පවසයි.

මේ වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව 44,000 ඉක්මවා ගොස් ඇත.